53.84%
19.85%
20.11%
August 19, 2024

කෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඉදිරිපස වසර ගණනාවක් තිස්සේ ප්‍රදර්ශනය කෙරුණු දැවැන්ත අලියාගේ සලකුණ වසාදමමින් යෝධ ගෑස් සිලින්ඩරයක රූපයක් ප්‍රදර්ශනය කර තිබෙනු දැකගත හැකිවේ.

එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ ඉදිරිපත්ව සිටියි.

මෙම පුවරුවේ ගෑස් සිලින්ඩරය දෙපස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක යන දෙදෙනාගේ රූ සහිත යෝධ පුවරු දෙකක් ද ප්‍රදර්ශනය කර ඇත.

ඡායාරූපය – ගයාන් අමරසේකර

53.84%
19.85%
20.11%