March 9, 2025

යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත ඊයේ(08) ශ්‍රී ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ ඒකක නිලධාරීන් සමඟ කඩවත අධිවේගි මාර්ගය ආසන්නයේ ඒකාබද්ධ වැටළීමක් සිදුකර ඇත.

එම වැටළීමේදී මෑතකදි වෙඩි ප්‍රහාරයකින් මියගිය ගනේමුල්ල සංජිව යන අයගේ පාර්ශවය විසින් කෙසෙල්බද්දර පද්මේ යන අයගේ පාර්ශවය ඝාතනය කිරිම සදහා උපයෝගි කරගැනිමට සැළසුම් කර තිබූ පිස්තෝලයක් සහ පතුරමක් සොයාගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු කඩවත පොලිස් ස්ථානය වෙතින් සිදුකරනු සිදුකරනු ලබයි.