March 19, 2025

ගන්දර පොලිසිය භාරයේ තිබූ සැකකාරියකගේ වීසා කාර්ඩ්පතකින් රුපියල් දෙලක්ෂ අසූහත් දහසක මුදලක් ලබාගැනීමේ සිදුවීමක් සම්බන්ධව මාතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

2024-4-10 දින හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

එම අවස්ථාවේදී ඇය සතු වීසා කාඩ්පත ද ගන්දර පොලිස් භාරයට ගෙන තිබේ.

පසුව ඇය මාස හතක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට නැවත පැමිණි විට අධිකරණ නියෝග මත ඇය නැවතත් වීසා කාර්ඩ්පත ලබාගෙන ඇත.

ඇය එය පරීක්ෂා කිරීමේදී 2024-4-10 ත් 2024-6-5 කාලය අතර ඇයගේ කාඩ්පතින් මෙම මුදල් ලබාගෙන ඇති බව හෙළිව තිබේ.

ඒ පිළිබඳව දෙවිනුවර රස්සන්දෙනිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි මෙම කාන්තාව මාතර විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත සිදුකළ පැමිණිල්ලක් මත මෙම විමර්ශන ආරම්භ කළ බව පොලිසිය පවසයි.