December 21, 2024

2018 වසරේ සිට මෙරට බස් රථ 5,000ක පමණ හිඟයක් පවතින බවත් රජය තවමත් පෞද්ගලික බස් රථ හිමියන් මුහුණ දෙන අභියෝගවලට ප්‍රමුඛත්වය දී නොමැති බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.

බස්රථ ගෙන්වීමේ අධික පිරිවැය පිළිබඳ විජේරත්න මාධ්‍ය අමතමින් විස්තර කළේය.

“ලේලන්ඩ් බස් රථයක් ආනයනය කිරීමට දැන් වැට් බද්ද ඇතුළුව රුපියල් මිලියන 17ක් වැය වෙනවා. මෙය ව්‍යාපාරය සඳහා අතිශයින් අභියෝගාත්මක වී තිබෙනවා. පිරිවැය පියවා ගැනීම සඳහා අවම බස් ගාස්තුව අවම වශයෙන් රුපියල් 50 දක්වා වැඩි කළ යුතුය. ගාස්තු වැඩි කරන බව අපි කියන්නේ නැහැ – නමුත් අපට පාඩු පිට ක්‍රියා කරන්න බැහැ,” යනුවෙන් ඔහු පැවසීය.

පෞද්ගලික බස් රථ හිමියන්ට බදු සහන සළ සන ලෙස ගැමුණු විජේරත්න රජයෙන් ඉල්ලා සිටි අතර, එම සහාය නොලැබීම විශාල මූල්‍ය අර්බුදයකට තුඩු දී ඇති බව අවධාරණය කළේය.

පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ වැරදි කළමනාකරණය හේතුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 500ක පාඩුවක් රටට සිදුවී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

42.31%
17.27%
32.76%