April 11, 2024

ගම්පහ ප්‍රධාන පාසලක කැඩෙට් භට කණ්ඩායමට පොලිස් විශේෂ කාර්ය බළකායේ ඇඳුම් මැසීම සඳහා අනුරාධපුර ප්‍රදේශයේ ටේලර්වරයා බාරදුන් ව්‍යාපාරිකයකු වත්තල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ව්‍යාපාරිකයා ත්‍රිවිධ හමුදාවට සහ පොලිස් විශේෂ කාර්ය බළකායට අවශ්‍ය ඇඳුම් නිෂ්පාදනය කරනු ලබන අයකු බවද මොහු මේ සඳහා රාජ්‍ය අනුමැතියන් පවා ලබාගෙන තිබෙන බව පොලිසිය කියයි.

ශිෂ්‍ය භට කණ්ඩායම් වලට අවශ්‍ය ඇඳුම් ලිඛිත අවසරයක් පරිදි ලබාගෙන මසාගැනීමට ඉඩ තිබෙන නමුත් පොලිස් විශේෂ කාර්ය බළකායේ ඇඳුම් නිකුත් කිරීමට කිසිදු අවසරයක් නැතැයිද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට පවසා ඇත.

කෙසේවෙතත් අදාළ විදුහල මෙම රෙදි ලබාගැනීම සඳහා නිසි අවසරයක් ලබාගෙන නැති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මේ අතර මෙම ටේලර්වරයාටද මෙවැනි ඇඳුම් මැසීම සඳහා යම් අවසරයක් පවතින අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ ඇඳුම් ඔහුට මැසීමට භාර දීම නිසා ඔහු එය මසා ඇති බව පැවැසේ.

මෙම ටේලර්වරයාගේ ප්‍රකාශ අනුව වත්තල ප්‍රදේශයේ ව්‍යාපාරිකයා මෙසේ අත්අඩංගුවට ගෙන වත්තල මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරිමට ක්‍රියාකර ඇත.

42.31%
17.27%
32.76%