October 19, 2024

2019 පාස්කු ඉරිදා ශ්‍රී ලංකාව කැළඹූ මාරාන්තික පිපිරුම් මාලාවේ වාර්තා වසන්කිරීම පිළිබඳ විවාදය ඊයේ නව මුහුණුවරක් ගත්තේ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල තමා සතු සියලුම සාක්ෂි භාරදීමට මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත්ගෙන් ලිඛිතව වේලාවක් ඉල්ලා සිටීමත් සමඟය.

උදය ගම්මන්පිල මීට පෙර මෙම වාර්තා ප්‍රසිද්ධ කරන ලෙස ආණ්ඩුවට අභියෝග කළේ, ජනතාවට නිවැරදි තොරතුරු ලබානොදෙන්නේ මන්දැයි විවාදයක් ඇති කරමිනි.

පසුව උදය ගම්මන්පිල සතුව ඇතැයි කියන වාර්තා භාරදෙන ලෙසට ආණ්ඩුව ඔහුට දින තුනක අවසාන නිවේදනයක් ලබාදුන්නේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කරන ලද මෙම කමිටු මගින් කිකුත්කළ මෙම වාර්තා, ප්‍රහාරය එල්ල වූ සමයේ බුද්ධි අංශවල ක්‍රියාකලාපය සහ චැනල් 4 වාර්තා චිත්‍රපටයේ නැඟුණු චෝදනා සම්බන්ධයෙන් සොයාබලා ඇත.

I.M. ඉමාම් සහ A.N.J ද අල්විස් විසින් මෙහෙයවන ලද කමිටු විසින් ඒවා සකස් කරන ලදී.

2019 අප්‍රේල් 19 වැනිදා පාස්කු දිනය වෙනුවෙන් පල්ලිවලට ජනතාව රැස්ව සිටියදී කොළඹ සහ ඒ අවට පිපිරීම් අටක් පමණ සිදුවිය.

ශාන්ත අන්තෝනි දේවස්ථානය, ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, සියොන් දේවස්ථානය සහ කොළඹ පිහිටි සුපිරි හෝටල් තුනකට ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ලවිය.

ප්‍රහාරයෙන් චීනය, ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය වැනි රටවල විදේශිකයන් ගණනාවක්ද මියගියේය.

එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) වැනි ප්‍රධාන විදේශීය බුද්ධි සංවිධාන ත්‍රස්තවාදීන්ගේ දේශීය ජාලය අල්ලා ගැනීමේ පරීක්ෂණ සඳහා සහාය විය.

ආරක්‍ෂාව පිළිබඳ සංවේදී තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීමට තමාට හැකියාවක් නොමැති බවත්, එමනිසා මීළඟ පියවර පිළිබඳව සාකච්ඡා කිරීමට විජිත හේරත් අමාත්‍යවරයා ඇමතූ බවත් උදය ගම්මන්පිල ‘ඩේලි මිරර්. වෙත පවසා ඇත.

පසුව ඔහු පවසා ඇත්තේ, තමන් අමාත්‍යවරයාට කෙටි පණිවිඩයක් යැවූ නමුත් අවස්ථා දෙකේදීම ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.

“ඒ නිසා මම ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් යැව්වා ඔහුව මුණගැහෙන්න වෙලාවක් ඉල්ලලා මම ළඟ තියෙන ද්‍රව්‍ය වගකීමෙන් භාරදෙන්න කියලා” ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

42.31%
17.27%
32.76%