March 19, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමනික්කම් යන තිදෙනාද පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී ඇත.

කෝප් කමිටුවේ සභාපති ධූරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පත්කිරීමට විරෝධය පළකරමින් මෙම ඉල්ලා අස්වීම් සිදුව තිබේ.

මිට පෙර එස්.එම්. මරික්කාර්, එරාන් වික්‍රමරත්න, මහාචාර්ය චරිත හේරත් සහ දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරුද කෝප් සභාපතිවරයාට විරෝධය පළකරමින් ඉල්ලා අස්වූහ.

42.31%
17.27%
32.76%