Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තෙල්දෙණිය, දිගන ප්‍රදේශයේ නිවෙසක ගරාජයක තිබී සොයාගත් ව්‍යාජ අංක තහඩු සහිත මිට්සුබිෂි පැජරෝ වර්ගයේ ජීප් රථය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසිය කලක් මහත් ජනප්‍රියතාවට පත්ව සිටි රත්තරන් පොරවාගත් ගාල්තැන්න දේවාලයේ දේවගැතිවරයා ගාමිණි ආනන්ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු ඊයේ (03දා) තෙල්දෙණිය වැඩ බලන මහෙස්ත්‍රාත් ස්වර්ණා කරල්ලියද්ද වෙත ඉදිරිපත් කිර්මෙන් පසුව ලබන 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
1997 ඇමැතුම් අංකයට ලැබුණු තොරතුරක් මත මෙම ජීප්රිය දිගන අයි.සී.සී. නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් නොමැති නිවෙසක ගරාජයේ තිබී තෙල්දෙණිය පොලිසිය විසින් සොයාගෙන තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිස් කණ්ඩායම එම නිවෙසට යාබද පදිංචි දේවගැතිවරයාගේ ඥාති පුතකුගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති අතර ඉන් අනතුරුව දේවගැතිවරයාගෙන්ද ඒ සම්බන්ධයෙන් විමසීමක් කර ඇත.
එහිදී දේවගැතිවරයා පවසා ඇත්තේ එම රථය මීට සති කිහිපයකට පෙර වෙඩි තබාගෙන මියගිය, හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයා විසින් එම ස්ථානයට ගෙනැවිත් දැමූ බවය.
ඒ අතර විමර්ශන නිලධාර්න් එම රථයේ අංක තහඩුව සම්බන්ධයෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කර ඇති අතර එහිදී අනාවරණය වන්නේ එම අංකය සහිත ලියාපදිංචි වූ තවත් ජීප්රියක් මහනුවර, පිලවල ප්‍රදේශයේ කාන්තාවකට අයත්ව ඇති බවය.
එමෙන්ම එම රථය නිත්‍යනුකූලව ලියාපදිංචි කර ඇති බවත්ය.
ඒ අනුව විමර්ශන නිලධාරීන් අනාවරණය කර ගත්තේ නිත්‍යනුකූල ලියාපදිංචි අංකය භාවිත කරමින් එම ප්‍රාඩෝ රථයද ධාවනය කර ඇති බවය.
එමෙන්ම එම රථය මීට සති කිහිපයකට පෙර ඔහුට ලබාදී ඇති බව දේවගැතිවරයා ප්‍රකාශ කළද විමර්ශනවලදී සැකකරනුයේ එම රථය වසරකට වැඩි කාලයක් දේවගැතිවරයා සන්තකයේ තිබූ බවය.
සිද්ධිය සම්බන්ධයෙන් දේවගැතිවරයා අත්අඩංගුවට පත්වන අතර ඔහුගේ ඥාති පුතාගෙන්ද දීර්ඝ ප්‍රකාශයක්
ලබා ගැනීමට නියමිතව තිබේ.
මූලික පරීක්ෂණයේදී සිදුකළ ප්‍රකාශ අනුව මෙම වාහනය සම්බන්ධයෙන් ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමැතිවරයා වෙත සැකසංකා එල්ල වුවද දිගින් දිගටම සිදුකළ විමර්ශනයේදී එම රථය දේවගැතිවරයා සන්තකයේ කලක සිට තිබී ඇති බව අනාවරණය වී තිබේ.
කෙසේවෙතත් මෙම රථය එකලස් කළ එකක්ද එහි වැසි අංකය, එන්ජින් අංක, සම්බන්ධයෙන් වාර්තාවන් කැඳවා ඇති අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රේගුව සහ රසපක්ෂක ආයතනය ඒකාබද්ධව මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් අරඹා තිබේ.
දේවගැතිවරයා ඇතුළු පවුලේ උදවිය මෙම රථය භාවිත කර ඇති බව පොලිසියට නිල නොවන තොරතුරු ලැබී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ අදාළ වාර්තා ලැබීමෙන් පසු එම රථයේ හිමිකරු කවුරුන්ද යන්නත් එය පාවිච්චි කර ඇත්තේ කවුරුන්ද යන්නත් නිශ්චිතව තහවුරු කරගන්නා බවය.
රන් කිලෝ 5ක පමණ ප්‍රමාණයක් පැළඳ සැරිසරන මෙම දේවගැතිවරයා කලක් සමාජ මාධ්‍ය ජාලවල මහත් ප්‍රසිද්ධියට පත්ව සිටි අතර ගාල්තැන්න ප්‍රදේශයේ පිහිටි ඔහුගේ දේවාලයටද විශේෂ පොලිස් ආරක්ෂාවක් පවා ලබාදී තිබිණි.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart