April 16, 2024

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට ලබාදෙන වියළි ආහාර සැළකිව යුතු ප්‍රමාණයක්ම තත්ත්වයෙන් බාල පුස් බැඳුණු ඒවා යැයි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.

වසර 20ක පමණ කාලයක් එම ප්‍රසම්පාදන කටයුතු සිදුවන්නේ මෙසේ යැයිද ඔහු චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් විෂය භාර අධ්‍යක්ෂවරුන්ට පැමිණිලි කර ඇතත් එයින් ප්‍රතිඵල නොලැබූ බවද වෛද්‍ය බෙල්ලන පෙන්වාදෙයි.

මෙසේ ලබාදෙන වියළි ආහාර සැළකිව යුතු ප්‍රමාණයක් පුස්කෑමට ළංවී ඇති බවත් ඇතැම් ඒවා නරක් වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම ප්‍රසම්පාදන කටයුතු සඳහා මසකට රුපියල් ලක්ෂ හත්සිය හැටක (760) මුදලක් සැපයුම්කරුවන්ට ගෙවන්නේ යැයිද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පවසයි.

එසේම අදාළ ආහාර, ආහාර සපයන කොන්ත්‍රාත් සමාගම, බන්ධනාගාරය, හමුදා කඳවුරු යන රාජ්‍ය ආයතනවලට වියළි ආහාර සපයන්නේ යැයිද ඔහු සඳහන් කරයි.

රෝහල් බලධාරීන් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ විට පමණක් අදාළ සමාගම ගුණාත්මක තත්ත්වයෙන් යුතු වියළි ආහාර ලබාදෙන නමුත් නැවත සුපුරුදු ක්‍රමයට ප්‍රමිතියෙන් තොර ආහාර ලබාදීම සිදුකරන්නේ යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. (මව්බිම)

42.31%
17.27%
32.76%