August 25, 2024

ගාල්ල සිට මරදාන බලා ධාවනය වූ ඉන්ධන දුම්රියක් අද පෙරවරුවේ මරදාන දුම්රිය ස්ථානයේදී පීලි පැනීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

පීලි පැනීම හේතුවෙන් වේදිකා අංක 2, 3 සහ 4 අවහිර වී ඇත.

දුම්රිය ප්‍රකාශකයකු පවසා ඇත්තේ, මරදාන දුම්රිය ස්ථානයට පැමිණෙන සහ පිටවන දුම්රිය ප්‍රමාද වන බවයි.