43.4%
15.4%
30.9%
September 3, 2023

දේශීය ඉන්ධන වෙළඳපොලේ අලෙවි සමාගම් සංඛ්‍යාව වර්ධනය වන බැවින් ලබන මාසයේ සිට ඉන්ධන සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත්කිරීමට රජය සූදානම් වන බව වාර්තා වේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මූලාශ්‍රවලට අනුව මාස කිහිපයක් තිස්සේ සැලසුම් කර ඇති මෙම පියවර, චීනයේ සිනොපෙක් සමාගම ඉන්ධන අලෙවිය ආරම්භ කිරීමත් සමග එළිදැක්වීමට නියමිතය.

රජයට අයත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිල්ලර අංශය වන සිපෙට්කෝ (CEYPETCO) විසින් අගෝස්තු 31 මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල සංශෝධනය කරමින් පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමූ අතර, ඉන් අනතුරුව ඉන්දියානු තෙල් සමාගමද (Lanka IOC) ඉන්ධන මිල ඉහළ දැමීය.

ඉදිරියේදී අමාත්‍යාංශය විසින් මිල සූත්‍රය දෙස බලා උපරිම සිල්ලර මිලක් තීරණය කරනු ඇති අතර IOC සහ සයිනොපෙක් (Sinopec) වැනි සියලුම ඉන්ධන සිල්ලර වෙළෙන්දන්ට එම උපරිම මිල යටතේ ඉන්ධන අලෙවි කළ හැකිය.

තමන් මිල කොපමණ අඩු කරන්නේද යන්න සිල්ලර වෙළෙන්දා තීරණය කරනු ඇත.

කෙසේවෙතත් පාරිභෝගිකයන් සහ ඛනිජ තෙල් අංශයේ වෘත්තීය සමිති පසුගිය සතියේ ප්‍රශ්න කළේ සිනොපෙක් වෙළඳපල මිලට වඩා අඩුවෙන් මෙහෙයුම් ආරම්භ කර තිබියදී සංස්ථාව සිය ඉන්ධන මිල වැඩි කළේ මන්දැයි කියාය.

සිකුරාදා (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැති විජේසේකර ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ අන්තර්ජාතික වෙළඳපොලේ තෙල් බැරලයක මිල අගෝස්තු මාසයේදී ඩොලර් 105-115 දක්වා ඉහළ යෑම ඊට හේතු වූ බවයි.

පොදු ප්‍රවාහනය සහ භාණ්ඩ බෙදාහැරීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිත කරන ඔටෝ ඩීසල් මිල සැළකිව යුතු ලෙස ඉහළ දැමීම සම්බන්ධයෙන් එල්ල වන විවේචනවලට පිළිතුරු දෙමින් ඇමැති විජේසේකර පෙන්වාදුන්නේ, ඩීසල් මිලෙහි අවසන් සංශෝධනය සිදු වූයේ 2022 නොවැම්බර් මාසයේදී බවයි.

43.4%
15.4%
30.9%