Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්ධන මිල සංශෝධනය හෙට (4) රාත්‍රියේ සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
පෙබරවාරි මස අගදී මිල සංශෝධනයක් සිදුකළ යුතු වුවද එය තරමක් ප්‍රමාද වූ බවත් ඒ අනුව එය හෙට සිදු වීමට නියමිත බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරියෙක් ජනමාධ්‍ය වෙත පවසා ඇත.
නවතම සංශෝධනයත් සමඟ ඉන්ධන මිලෙහි විශාල වෙනසක් සිදු නොවන බව වැඩිදුරටත් දැනගන්නට තිබේ.
සංශෝධනය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සාලිය වික්‍රමසූරිය පවසා ඇත්තේ, අමාත්‍යංශයට ලබාදුන් අංකමය දත්තවල සැළකිව යුතු වෙනසක් නොපෙනෙන අතර, ඒ අනුව අවසන් තීරණය ගනු ඇති බවයි.
දැනට ඉන්ධන මිල සූත්‍රය අනුව මාසිකව ඉන්ධන මිල සංශෝධනය කෙරේ.
පසුගිය ජනවාරි 31 වැනි දින ඉන්ධන මිල සංශෝධනයේදී සිපෙට්කෝ ඉන්ධන මිල ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු. 371ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් රු. 456ක්, ඔටෝ ඩීසල් රු. 363ක්, සුපර් ඩීසල් රු. 468කින් සහ භූමිතෙල රු. 262ක් දක්වාත් ඉහළ ගියේය.
2022 වසරේ ආර්ථිකය කඩාවැටීම හේතුවෙන් මෙරට ජනතාව ඉහළ බලශක්ති මිල ගණන් සමඟ පොරබදමින් සිටිති.
2024 වසරේ සිට ශ්‍රී ලංකාව දෛනික ස්වයංක්‍රීය මිල සංශෝධන ක්‍රමයකට යටත් කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පසුගිය වසරේ ප්‍රකාශ කළද, එම වෙනස්කම් තවමත් දැකගත නොහැකි වී තිබේ.
2024 වසරේ සිට දෛනික ස්වයංක්‍රීය මිල සංශෝධන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි නියෝජිතයන් දැනුවත් කර ඇති බවත්, සියලුම ඉන්ධන බෙදා හැරීම් සහ තොග ලබා ගැනීමේ පහසුකම් නව උපකරණ සමඟ ස්වයංක්‍රීය කරන ලෙසත් ඉල්ලා සිටි බවත් විජේසේකර ඇමැතිවරයා එම අවස්ථාවේදී පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart