October 22, 2024

රජයේ පාලනය යටතේ ඇති වනජීවී නිවාඩු බංගලා අමාත්‍යවරුන්ගේ සමීප ඥාතීන්ට සහ අමාත්‍යාංශ නිලධාරීන්ට සහන මිලට ලබා නොදීමට තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පැවසීය.

සමහර වනජීවී බංගලාවල මීට පෙර සහන මිල ගණන් යටතේ මීට පෙර ලබාදී තිබුණේ ඇමැතිවරුන්ගේ උපදෙස් අනුවය.

අමාත්‍යාංශය මගින් පාලනය වන වනජීවී නිවාඩු බංගලාවල සාමාන්‍ය මිල ගණන් යටතේ දිවයිනේ ඕනෑම අයෙකුට තම නිවාඩු කාලය ගතකිරීමට වෙන්කර ගැනීමේ හැකියාව දැන් ලැබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේවෙතත්, මෙම පොදු මිලට බංගලා පහසුකම් වෙන්කිරීමේදී අමාත්‍යාංශ සේවකයන්ට සහ නිලධාරීන්ට සුළු ප්‍රමුඛතාවක් ලබාදෙනු ඇත.

කෙසේවෙතත්, මින් ඉදිරියට අමාත්‍යවරුන් සඳහා විශේෂ වෙන්කිරීම් හෝ අමතර පහසුකම් කිසිවක් සිදුනොකරන බවද අමාත්‍ය හේරත් වැඩිදුරටත් පැවැසීය.

මේ අතර, වනජීවී බංගලාවල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා රජයේ අරමුදල් රුපියල් මිලියන 166.93ක් වෙන්කර ඇත.

සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට උපකාර වන ජාතික වටිනාකම ආරක්ෂා කරමින් මෙම බංගලා ප්‍රතිසංස්කරණය කෙරේ.

42.31%
17.27%
32.76%