July 27, 2023

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මෙම සති අන්තයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ඉතිහාසයේ ප්‍රංශ ජනාධිපතිවරයෙකුගේ පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වනු ඇත.

විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසුවේ මෙම සංචාරයේදී ප්‍රංශ ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු රජයේ ඉහළ නියෝජිතයන් සමඟ සාකච්ඡා කරන බවයි.