April 2, 2024

ශ්‍රී ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනය මිලියන 04ක් පමණ වන අතර ඒ තුළ වැඩිවියට පත් ශිෂ්‍යාවන් මිලියන 1.2ක් පමණ වන බවට ගණනය කරනු ලැබ ඇත.

එම ශිෂ්‍යාවන් අතුරින් අති දුෂ්කර පාසල්, දුෂ්කර පාසල්, හුදෙකලා පාසල්, වතු පාසල් හා දරිද්‍රතා සිසු සිසුවියන් සහිත නාගරික පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් 800,000කට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

2024 වර්ෂයේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වාර්ෂිකව මෙම සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ, අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජන්ත් විසිනි.

42.31%
17.27%
32.76%