Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ පත්වීමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් අප්‍රේල් 02 වැනි දින සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (මාර්තු 15) නියම කළේය.
එම පෙත්සම මේ මස මුලදී ගොනුකර තිබුණේ මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර විසිනි.
අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන්ට නොතීසි යවන ලෙස නියෝග කෙරිණි.
අනතුරුව පෙත්සම සළකා බැලීම අප්‍රේල් 02 වැනි දිනට නියම කෙරිණි.
පොලිස්පතිවරයාගේ පත්වීම බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාරිය ඉල්ලා තිබේ.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තුවේ කථානායකවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, පොලිස්පති තෙන්නකෝන් ඇතුළු පිරිසක් නම් කර ඇත.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සෙසු සාමාජිකයන් අතර බෙදීමක් ඇති වූ අවස්ථාවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන සිය තීරණාත්මක ඡන්දය භාවිත කරමින් ‘ව්‍යවස්ථා විරෝධීව සහ නීති විරෝධී ලෙස’ හැසිරුණු බවට චෝදනා එල්ල වී ඇත.
මේ මස මුලදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමගි ජන බලවේගයේ නිරෝෂන් පාදුක්ක යන පාර්ශව පොලිස්පති තෙන්නකෝන්ගේ පත්වීම අභියෝගයට ලක්කරමින් මුලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබේ.
2019 පාස්කු ප්‍රහාරය සිදු වූ අවස්ථාවේදී දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ සමයේ, ඔහු සිය රාජකාරි පැහැර හැර ඇති බවත්, ‘ගෝඨාගෝගම’ විරෝධතා භූමියට පූර්ව මැදිහත්වීමෙන් ප්‍රහාරයක් දියත් කළ බවත් පෙත්සම්කරුවෝ පවසති.
රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන පොලිස් ප්‍රධානියාට පැවරී ඇති රාජකාරියට පටහැනිව සහ ඒවා කඩකරමින් ක්‍රියා කළ අයෙකුට වඩා මූලික මානව හිමිකම් ගැන දැනුමක් ඇති, මානුෂීය ගුණාංග ඇති පුද්ගලයෙකුට එම තනතුර ලබාදිය යුතු බව පෙත්සම්කරුවන් අවධාරණය කර ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්ටර් ටර්ක් ද, පොලිස්පති තෙන්නකෝන් 2010 වසරේදී ‘පුද්ගලයෙකුට වධහිංසා පැමිණවීමේ’ සිද්ධියට සම්බන්ධ බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හෙළිදරව් කර තිබීම සඳහන් කරමින්, කනස්සල්ල පළකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart