Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන්ට එරෙහිව දූෂණ චෝදනා සම්බන්ධයෙන් ගොනුකර ඇති අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගන්නා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි අල්ලස් කොමිසමින් ඉල්ලා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆවුසි කොළඹ මහාධිකරණය හමුවේ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු අධිකරණයට දන්වා ඇත්තේ, තම සේවාදායකයා සිය නීතිඥවරයා මාර්ගයෙන් අල්ලස් කොමිසමෙන් ඉල්ලා ඇත්තේ අධිචෝදනා පත්‍රය පවත්වාගෙන යෑමේ හැකියාව සළකා බලා එය ඉල්ලා අස්කර ගන්නා ලෙසටයි.
අල්ලස් කොමිසම විසින් මෙම දූෂණ නඩුව පවරා ඇත්තේ ඒ.එච්.එම්. ෆවුසි 2010 සහ 2015 කාලය තුළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අයත් වාහනයක් අවභාවිත කර රජයට රුපියල් මිලියන 1.07ක නීතිවිරෝධී අලාභයක් සිදුකළ බවට චෝදනා කරමිනි.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවීමෙන් අනතුරුව නඩුව අප්‍රේල් 29 වැනිදාට කල් තැබිණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් පනතේ 70 වැනි වගන්තිය අනුව චෝදනා හතරක් යටතේ මෙම දූෂණ නඩුව පවරා ඇත.
ෆවුසි මන්ත්‍රීවරයා 2010 සිට 2015 දක්වා කාලය තුළ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අයත් රු. මිලියන 19.5ක් වටිනා ලෑන්ඩ් කෲසර් ජීප් රථයක් නීති විරෝධී ලෙස භාවිත කර ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart