Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රැකියා සඳහා විවිධ යුරෝපීය රටවලට යවන මුවාවෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් හතරදෙනෙකු ප්‍රාණඇපයට ගත් පාකිස්තාන ජාතිකයන් හතරදෙනෙකු අත්අඩංගුවට ගත් බව නේපාලයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු ජනමාධ්‍ය වෙත පවසා ඇත.
නේපාල පොලිසියේ කත්මන්ඩු නිම්නයේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරක් මත බ්‍රහස්පතින්දා (04) මෙම පාකිස්තාන ජාතිකයන් සිව්දෙනා අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
වයස අවුරුදු 42 ත් 62 ත් අතර පකිස්තාන ජාතිකයන් කැනඩාව සහ රුමේනියාව ඇතුළු යුරෝපීය රටවල රැකියා ලබාදෙන බවට ව්‍යාජ පොරොන්දුවක් දී ශ්‍රී ලාංකික පුරවැසියන් සිව්දෙනාගෙන් රුපියල් මිලියන ගණනින් මුදල් අයකරගෙන ඇති බව පොලිසිය පවසයි.
තම මව් රටින් ගෙන්වා ගත් මෙම ශ්‍රී ලාංකිකයන්ට පකිස්ථානු ජාතිකයන් විසින් පහර දී, වධහිංසා පමුණුවා, තර්ජනය කර ඇත.
පකිස්ථානුවන් ඔවුන් කත්මණ්ඩුවේ විවිධ හෝටල්වල ප්‍රාණඇපයට තබාගත් නිසා ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර ද අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් නැවත ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරමින් සිටින බව පොලිසිය පවසයි.
පැහැර ගැනීම් සහ මිනිස් ජාවාරම් සම්බන්ධ ක්‍රියා සම්බන්ධයෙන් පාකිස්තාන ජාතිකයන් සිව්දෙනාට එරෙහිව චෝදනා එල්ල වන බව නේපාල පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart