December 11, 2024

නිවසකට කඩාපැන එහි පදිංචිකරුවන්ට තර්ජනය කර දේපළ විනාශ කළ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට සිද්ධියෙන් වසර 19 කට පසු දඩ නියම කර තිබේ.

අම්පාර මහේස්ත්‍රාත් ලූෂාකා කුමාරි ධර්මකීර්ති විසින් සඳුදා (දෙසැ 09) මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළ බව වාර්තා වේ.

විත්තිකරුවන් බක්කිඇල්ල පොලිසියේ නිලධාරීන් ලෙස පෙනීසිටිමින් 2005 පෙබරවාරි මාසයේදී කොහොඹගස්තලාව ප්‍රදේශයේ නිවසක පදිංචිකරුවන්ට තර්ජනය කර ඇත.

ඔවුන්ට එරෙහිව ගොනුකර තිබූ චෝදනා 09ට සැකකරුවන් වරදකරුවන් වී තිබේ.

නඩුවේ කාලය දීර්ඝ වූ බැවින් එක් චූදිතයකු මියගොස් ඇති බවද වාර්තා වේ.

42.31%
17.27%
32.76%