Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අවම වශයෙන් වසර 1,000ක් පැරණි යැයි විශ්වාස කෙරෙන ළමා මමී හතරක් නූතන ලීමාහි පූජනීය චාරිත්‍රානුකූල අවකාශයකින් සොයාගැනීමට පේරුහි පුරාවිද්‍යාඥයන් සමත්ව තිබේ.
පර්යේෂකයන් විශ්වාස කරන්නේ වැඩිහිටියකුගේ දේහය සමඟ සොයාගන්නා ලද ළමුන්, ඉන්කා අධිරාජ්‍යය ඇන්ඩියන් ප්‍රදේශය දක්වා විහිදීමට පෙර පේරුහි මධ්‍යම වෙරළ තීරයේ වර්ධනය වූ Ychsma සංස්කෘතියෙන් පැමිණි බවටයි.
කුඩා කඳු ගැටයක් මත පඩිපෙළක් පාමුලින් කලක් සැඟව තිබූ විහාරස්ථානයක් බවට විශ්වාස කෙරෙන නටබුන් කිහිපයක්ද හමුව තිබේ.
මෙම නටබුන් සමග සෙරමික්ද හමුව ඇත.
ලීමාහි රිමාක් දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යාඥයකු වන ලුයිස් ටකුඩා පවසන්නේ, මෙම විහාරය වසර 3,500කට පෙර ඉදිකරන්නට ඇති බවයි.
“මෙම මුළු ප්‍රදේශයම ඉතා වැදගත් උත්සව කුටියක්,” ටකුඩා පවසයි.
“Ychsma යුගයේ මෙහි ජීවත් වූ ජනතාව එය පූජනීය අවකාශයක් ලෙස සැලකූ අතර, එබැවින් ඔවුන්ගේ මළ සිරුරු මෙහි තැන්පත් කර ඇත.” යැයි ද ඔහු පැවසීය.
ටකුඩා පැවසුවේ මමීයේ හිස් කබලේ තවමත් හිසකෙස් ඇති බවයි.
මිලියන 10ක පමණ ජනගහනයක් සිටින පේරු අගනුවර පුරාවිද්‍යාත්මක නටබුන් 400කට පමණ නිවහනකි.
පේරුහි විශාලතම පුරාවිද්‍යාත්මක ස්ථාන ලීමා නගරයෙන් පිටත පිහිටා ඇත්තේ ඉන්කා අධිරාජ්‍යයේ අගනුවර වූ සහ 16 වැනි සියවසේ ස්පාඤ්ඤ ආක්‍රමණිකයන් අතට පත් වූ කුස්කෝ වැනි ස්ථානවලය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart