February 9, 2025

බගවන්තලාව ප්‍රදේශයේ විදුලි ජනක යන්ත්‍රයකින් නිකුත් වන වායුව ආශ්වාස කිරීම හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු රෝහල්ගත කර තිබේ.

අද (09) උදෑසන විදුලිය ඇණහිටීමෙන් පසු, බගවන්තලාව ප්‍රදේශයේ සිල්ලර වෙළඳසැලක් තුළ අදාළ ජනක යන්ත්‍රය ක්‍රියාත්මක කර තිබේ.

ජනක යන්ත්‍රයෙන් පිටවන දුම ආශ්වාස කිරීමෙන් වෙළඳසැලේ සේවකයින් සිව්දෙනෙකු රෝගාතුර වී බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

රෝහල්ගත කර ඇති සේවකයන් අතර කාන්තාවන් තිදෙනකු සහ එක් පිරිමියකු සිටින අතර, ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු 25 ත් 35 ත් අතර වේ.

42.31%
17.27%
32.76%