February 23, 2024

ට්‍රයසික් යුගයේ වාසය කළ අඩි 16 (මීටර් 5) දිග ජලජ උරගයකුගේ සම්පුර්ණ ෆොසිලයක් සොයාගැනීමට විද්‍යාඥයන් සමත්ව ඇත.

මෙම සත්වයා වසර මිලියන 240 කට පෙර වාසය කර ඇති අතර, උගේ අතිශයින් දිගු බෙල්ල නිසා ‘මකර’ ලෙස නම් කර ඇත.

මෙම සත්වයා විද්‍යාත්මකව Dinocephalosaurus orientalis ලෙස හඳුන්වනු ලබන අතර මෙම ෆොසිලය මුලින් හඳුනාගනු ලැබුවේ 2003 වසරේදීය.

ෆොසිල අධ්‍යයනය කළ අන්තර්ජාතික කණ්ඩායමේ සාමාජිකයකු වූ ස්කොට්ලන්තයේ ජාතික කෞතුකාගාර ආචාර්ය නික් ෆ්‍රේසර් පැවසුවේ විද්‍යාඥයන්ට එය සම්පූර්ණයෙන් දැකගත හැකි වූ පළමු අවස්ථාව මෙය බවයි. ඔහු එය විස්තර කළේ “ඉතා අමුතු සතෙක්” ලෙසයි.

මෙම ඩයිනොසෙෆලෝසෝරස් ඔරියන්ටලිස් ජලය යට සිදුරු තුළ ආහාර සෙවීමට උගේ දිගු බෙල්ල උපකාරී වී ඇතැයි සැලකේ.

මෙම පොසිලය සොයාගනු ලැබුවේ දකුණු චීනයේ පැරණි හුණුගල් නිධි වලිනි.