
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ව්‍යාජ ලිපින සනාථ කිරීමේ ලියකියවිලි භාවිත කරමින් ඉන්දීය විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ චෝදනාව මත ඊපීඩීපී පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තමිල්නාඩු පොලිසියේ Q අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ ඊලාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට (ඊපීඩීපී) අයත් හිටපු මන්ත්‍රීවරයකු වන කුලසිංහම් දිලීබන් දැන් තමිල්නාඩුවේ පූසාල් මධ්‍යම බන්ධනාගාරයේ රඳවා ඇති බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
මදුරෙයි විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයෙන් ඉන්දියානු විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ව්‍යාජ ලිපින සනාථ කළ බවට චෝදනා එල්ල වන ශ්‍රී ලාංකික ජාතිකයන් කිහිපදෙනෙකුට එරෙහිව ක්‍රියාත්මක 2019 නඩුවට මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධ වේ.
විමර්ශනයේ කොටසක් ලෙස, සියලුම ගුවන් තොටුපළවල දිලීබන්ට එරෙහිව සෝදිසි නිවේදනයක් නිකුත් කර තිබිණි.
ඒ අනුව, පෙබරවාරි 11 වැනි දින ඔහු කොචින් අන්තර්ජාතික ගුවන්තොටුපොළට ගොඩබසින විට, ඉන්දීය ආගමන නිලධාරීන් ඔහුව අල්ලා මදුරෙයි ‘Q ශාඛාව’ පොලිසියට භාරදී ඇත.
2019 දී එක් වීදියක නැවතී සිටින ශ්‍රී ලාංකිකයින් 60 දෙනකු පමණ ඉන්දියානු විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට කටයුතු කර ඇති බව අනාවරණය වීමෙන් පසු ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර නඩුව එරට ප්‍රධාන මාතෘකා බවට පත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart