February 17, 2024

මැතිවරණ කල්දැමීමට ගන්නා ඕනෑම උත්සාහයකට තම සංවිධානය දැඩි ලෙස විරුද්ධ වන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය දැඩිව අවධාරණය කරයි.

හිටපු කථානායකවරයා ප්‍රමුඛ එම සංවිධානය විසින් මෙම සතිය මුලදී කොළඹදී සංවිධානය කළ ‘ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් සඳහා නව මැතිවරණ ක්‍රමයක්’ යන මැයෙන් වූ විශේෂ සාකච්ඡාවකදී මෙම ප්‍රකාශය කරන ලදී.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, මහාචාර්ය ජී.එල්. පීරිස්, රංජිත් මද්දුම බණ්ඩාර, අනුර ප්‍රියදර්ශන යාපා, වෛද්‍ය රාජිත සේනාරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, අසාද් සාලි ඇතුළු දේශපාලනඥයෝ, හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඇතුළු වෘත්තීයවේදීහු සහ විද්වත්හු පිරිසක් මෙම සමුළුවට එක්ව සිටියහ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් තම සංවිධානයේ ස්ථාවරය නොවෙනස්ව පවතින බව කරු ජයසූරිය එහිදී පෙන්වාදුන්නේය.

සියලුම මැතිවරණ නියමිත කාලසටහනට අනුව පැවැත්වීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.

මීට අමතරව, ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයන් විධායක ජනාධිපති ධූරය සම්බන්ධයෙන් තම ස්ථාවරය රටට හෙළිකළ යුතු බවද කරු ජයසූරිය අවධාරණය කළේය.

කෙසේවෙතත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සමග එක්ව ඉදිරි ජනාධිපතිවරණය කල්දැමීම සඳහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කර ඇතැයි කරු ජයසූරියට චෝදනා එල්ලවී ඇත.

42.31%
17.27%
32.76%