
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර දිස්ත්‍රික් සමග ජන බලවේග සංවිධායක බලපත්‍ර නොමැතිව ගිනි අවි ළඟ තබාගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව ඇන්දාන පොලිසිය පවසයි.
පසුගිය දාහතර වැනි දින ඇන්දාන පොලීසියේ නිලධාරීන් විසින් අංක5 ,ඇන්දාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මිලිමීටර් නමය වර්ගයේ ගිනි අවියක් සහ එයට යොදන උණ්ඩ ගැබක් ,ජීව උණ්ඩයක් රාත්‍රී කාලයේ භාවිතා කරන දුරදක්නයක්, බෝර දොළහේ ගිනි අවිවලට යොදන උණ්ඩ දොළහක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, කීනමුල්ල ප්‍රදේශයේ නිවසක් බිඳ එම ගිනිඅවිය සොරා ගත් බවකි.
ඒ අනුව එම නිවසේ හිමිකරු වන සජබ සංවිධායකවරයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහුට ගිනිඅවි ළඟතබා ගැනීමට බලපත්‍ර ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බව පොලිසිය පවසයි.
මෙම සංවිධායකවරයා 2009 වර්ෂයේ සිට ඇම්බැක්ක සහ ගනේගොඩ යන දේවාලයන්හි බස්නායක නිලමේවරයකු ලෙසද කටයුතු කර ඇති බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart