January 16, 2024

2015 වසරේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඇප නියම කළාය.

2015 වසරේ කහවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් එක් අයකු මිය ගොස් තවත් කිහිපදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණවලට බාධාකිරීමේ චෝදනාව මත ලලිත් ජයසිංහ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

අපරාධයට සම්බන්ධ බවට සැකකෙරෙන එවකට නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා පොලිසියට මැදිහත් වූ බවට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට චෝදනා එල්ල විය.

42.31%
17.27%
32.76%