Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශපාලන ප්‍රතිවාදීන් ලෙස පෙනීසිටින හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන පසුගිය ජනවාරි 20 වැනිදා කලකට පසුව මුණගැසිණි.
ඒ, පොළොන්නරැව ගිරිතලේ ඉසුරැ සුමන විහාරයේ පැවැති උත්සවයකදීය.
මෙම උත්සවය සංවිධානය කර තිබුණේ, නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් විසිනි.
සිරිපාල ගම්ලත්ගේ ධන පරිත්‍යාගයෙන් ඉසුරැසුමන විහාරයේ නව විහාර මන්දිරයක් ඉදිකර ඇති අතර, හිටපු ජනාධිපතිවරු මෙලෙස මුනගැසුණේ එය විවෘත්ත කිරීමේදීය.
මෙම අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමි, මල්වතු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පහමුණේ සුමංගල නාහිමි, අමරපුර නිකායේ අනුනායක උඩුගම ශ්‍රී ධම්මානන්ද නාහිමි, සෝමාවතී රාජමහා විහාරාධිපති මහරගම නන්ද නාහිමි, අභයගිරිය චෛත්‍යරාමාධිකාරී කල්ලංචියේ රතනසිරි නාහිමි ප්‍රමුඛ මහා සංඝ රත්නය ද, ඇමැති බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම, උතුරැමැද පලාත් ආණ්ඩුකාරවර මහීපාල හේරත් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart