Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරියේ පැවැත්වෙන මැතිවරණවලට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කර ගනිමින් ගොඩනඟන නව සන්ධානයේ නායකත්වය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට ලබාදීමට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් තීරණය කර ඇත.
ඒ සඳහා හිටපු ජනාධිපතිනිය කැමැත්ත පළකර ඇති බව ද නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු ‘දිවයින පුවත්පත’ට පවසා තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට නව සන්ධානය ගොඩනැගීම ආරම්භ කර ඇති බවත්, වමේ පක්ෂ ඇතුළු ප්‍රධාන පක්ෂවල මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා අවසන් කර තිබෙන බවත්, හෙතෙම සඳහන් කර ඇත.
නව සන්ධානයේ සියයට පනහක බහුතර බලය නිදහස් පක්ෂයට ද සියයට පනහක් සන්ධානගත වන අනිකුත් පක්ෂවලට ද ලබාදීමට එකඟතාවට පැමිණ ඇති බවත්, ඒ සඳහා නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට සන්ධානාගත වන නායකයන් තීරණය කර ඇති බවත්, එම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා සඳහන් කරයි.
ඒ අනුව, ගොඩනඟන නව සන්ධානයේ ලකුණ ලෙස බුලත් කොළය හෝ පුටුව තෝරා ගැනීමට ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත බවත්, ජනතා විමුක්ති පෙරමුණේ පැරණි මතවාදය දරන කණ්ඩායම් රැසක් මීට එක්වීමට සිටින බවත්, ඔවුන් ද ඉදිරියේ පක්ෂය සමග සන්ධානගත වීමට එකඟතාව පළකර ඇති බවත්, හෙතෙම පවසයි.
ඒ අනුව, සන්ධානගතවන සියලු පක්ෂ නායකයන් සමග සාකච්ඡා කර නව සන්ධානයේ ප්‍රධාන රැස්වීම කොළඹදී පැවැත්වීමට නියමිත බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart