April 22, 2025

අද (22) පස්වරුවේ කටාන ප්‍රදේශයේ දී හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු සම්බන්ධ වූ ආරවුලකින් පසු පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කර තිබේ.

කටාන-කටියාන ප්‍රදේශයේදී රාත්‍රී 7:10 ට පමණ මෙම සිදුවීම සිදුවී ඇති බව පොලිසිය පවසයි.

මූලික පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ, පුද්ගලයෙක් විසින් ව්‍යාපාරිකයකුට තියුණු ආයුධයකින් පහරදීමට තැත්කර තිබෙන අතර, එහිදී හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුද වන ව්‍යාපාරිකයා සතුව තිබූ ගිනිඅවියෙන් අදාළ පුද්ගලයාට වෙඩිතබා ඇති බවයි.

තුවාල ලැබූ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇත.

කටාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.