December 27, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සමගි ජන බලවේගයට එක්වූ කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල සිය දේශපාලන ජීවිතය නිමා කිරීමට තීරණය කර තිබේ.

පානදුර ප්‍රදේශයේදී ජනමාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු පැවසුවේ, අද සිට ක්‍රියාත්මක වන පරිදි තමන් සමගි ජනබලවේගය වෙනුවෙන් දැරූ සියලුම තනතුරුවලින් ඉල්ලා අස් වූ බවයි.

තම තීරණය ප්‍රකාශයට පත්කරමින් ලලිත් එල්ලාවල චෝදනා කළේ, සමගි ජනබලවේගය තුළ ඒකාධිපතිවාදයක් ඇති බවත්, පක්ෂය තුළ එකමුතුකමක් ද නොමැති බවත්ය.

“අපි බලාපොරොත්තු වෙච්ච දේ නෙමෙයි සජබ ඇතුළෙ තියෙන්නේ. අපි හිතුවේ නෑ මෙහෙමයි කියලා. සමගි ජන බලවේගය කිව්වට මේක ඇතුළෙ කිසිම සමගියක් නැහැ. මහා ඒකාධිපති පාලනයක් තියෙනවා. වැඩ කරන්න කැමති කෙනෙක්ට එහෙම කරන්න දෙන්නෙත් නැහැ.” ඔහු පැවසුවේය.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ජාතික ලැයිස්තුවට ඇතුළත් කර තිබුණේ පක්ෂ ලේකම්වරයාගේ නම පමණක් බව ද ලලිත් එල්ලාවල වැඩිදුරටත් අනාවරණ කළේය.

“තව ටික කාලයකින් සමගි ජන බලවේගය අලියෙක් ගිලපු ගෙඩියක් වගේ වෙනවා. මේ නිසා තමයි මම පක්ෂයේ සියලුම තනතුරුවලින් ඉවත් වෙන්න තීරණය කළේ. මගේ දේශපාලන ජීවිතයත් අවසන් කරන්න මම තීරණය කළා,” ඔහු වැඩිදුරටත් පැවසීය.

42.31%
17.27%
32.76%