October 23, 2024

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඔක්තෝබර් 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔහුට අයත් බව කියන සුඛෝපභෝගී වාහනයක් තරු පන්තියේ හෝටල් පරිශ්‍රයක නවතා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පෙරවරුවේ ඔහුව අත්අඩංගුවට ගැනිණි.

ඒ අනුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඔක්තෝම්බර් 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

42.31%
17.27%
32.76%