December 14, 2023

කුරුණෑගල මහ නගර සභාවේ හිටපු නගරාධිපති තුෂාර සංජීවට වසර තුනක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ.

මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා කුරුණෑගල / යාපහුව රාජධානි යුගයට අයත්, 13 වැනි සියවසේ IIවන බුවනෙකබාහු රජුගේ රාජ මාළිගය කඩාදැමීම සම්බන්ධයෙන් තුෂාර සංජීවට මෙම දඬුවම් නියම වී තිබේ.

කුරුණෑගල මහනගර සභාවේ හිටපු නගරාධිපතිවරයා ඇතුළු සිව්දෙනෙකුට කුරුණෑගල මහාධිකරණය අද (දෙසැ 14) දඩුවම් නියම කළේය.

කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා විසින් නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) නිලධාරීන් සමඟ එක්ව 2020 ජූලි මාසයේදී මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ගොඩනැගිල්ල කඩාඉවත් කරන ලදී.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එවකට කුරුණෑගල පොලිසියට පැමිණිල්ලක් ගොනුකර තිබුණේ තුෂාර සංජීව විසින් 13 වැනි සියවසේ තම අධීක්‍ෂණය යටතේ තිබූ රජ මැදුරක් කඩා බිඳදැමූ බව පවසමිනි.

42.31%
17.27%
32.76%