Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්රායල සංචාරකයන් බහුලව රැඳීසිටි ආරුගම්බේ සංචාරක කලාපය ඉලක්ක කර දැවැන්ත ත්රස්ත ප්රහාරයක් එල්ල කිරීමට ත්රස්තවාදීන් සැලසුම් සකස් කර ඇත්තේ බන්ධනාගාරය තුළදී බව ත්රස්ත විමර්ශන කොට්ඨාසය ඊයේ(17) අධිකරණය හමුවේ ප්රකාශ කර තිබේ.
ඒ, ඊට අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්රාත් පසන් අමරසේන හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
LTTE ත්රස්ත ක්රියා සම්බන්ධයෙන් වරදකරුවන් වී, වසර ගණනාවක් සිරගතව සිට නිදහස් වූ හිටපු LTTE සාමාජිකයන් යොදාගෙන එම ප්රහාරය එල්ල කිරීමට සැලසුම් කර ඇතැයි ද අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් ප්රකාශ කළේය.
දේශීය සහ විදේශීය ත්රස්තවාදීන් මෙන්ම අන්තවාදී පුද්ගලයන් ඇසුරු කරමින් ආරුගම්බේ සංචාරක කලාපයට ත්රස්ත ප්රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනිණි.
දින 90ක් ත්රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා ප්රශ්න කළ ඔවුන්ගෙන් තුන්දෙනෙකු, ත්රස්ත විමර්ශන කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් ඊයේ(17) අධිකරණයට ඉදිරිපත් කළේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් ත්රස්ත විමර්ශන කොට්ඨාසය කියා සිටියේ, සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.
පසුගිය ජනාධිපතිවරණය පැවැති වකවානුවට සමගාමීව ආරුගම්බේ ත්රස්ත ප්රහාරය එල්ල කිරීමට සැලසුම් කිරීම පසුගිය වසරේ ඔක්තෝබර් 07 සහ 08 දිනවල පුද්ගලයන් යොදවා සංචාරක කලාපය වීඩියෝගත කිරීම හා ඡායාරූප එක්රැස් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, පසුගිය ඔක්තෝබර් මස 19 වැනිදා සිටය.
ඒ අතරින් යෝගරාජා නිරෝජන්, සුරේස් රංජන, ඩබ්ලිව්.ඒ. දොන් අමරසිරි යන සැකකරුවන්ගෙන් තවදුරටත් රඳවාගෙන ප්රශ්න කෙරෙන බව අධිකරණයට කරුණු වාර්තා කරමින් විමර්ශන නිලධාරීන් කියාසිටියේය.
පළමු සැකකාර බිලාල් අහමඩ් කැස්බෑව ඩිපෝවේ බස් රථයකට 2008 වසරේදී බොම්බ ප්රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සිරගතව සිටින ආනන්දන් සුගාදරන් යන අයව බන්ධනාගාරය තුළදී ඇසුරු කර ඇති බව ද අධිකරණයට දන්වා ඇත.
සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ රජින්ද කන්දෙගෙදර අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර සිටියේ, ත්රස්ත විමර්ශන කොට්ඨාසය හෝ පොලිසිය පළමු සැකකරුගෙන් කිසියම් ලේඛන ගොනු කිහිපයකට අත්සන් ලබාගෙන ඇති බවයි.
එම අවස්ථාවේදී මහේස්ත්රාත්වරයා සඳහන් කර සිටියේ සැකකරුවන් රඳවා ප්රශ්න කිරීමට යොමු කළදා පටන් අධිකරණයේ අධීක්ෂණය ඔවුන් කෙරෙහි තිබූ බවත් සැකකරුවන් නිරීක්ෂණයට ගිය කිසිදු අවස්ථාවක ඔවුන් ඒ සම්බන්ධයෙන් තමන්ට පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බවයි.
දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ මහේස්ත්රාත්වරයා සැකකරුවන් නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart