Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල නිවස ඉදිරිපිට මල්වඩමක් තැබූ බව කියන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව කුරුඳුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් වෙත ඊයේ (08) දන්වා ඇත.
කිසියම් අයෙකු හෝ කණ්ඩායමක් විසින් පසුගිය දිනෙක සිය නිවසේ ගේට්ටුව ඉදිරිපිට මල්වඩමක් තබමින් පවුලේ අයවලුන් සාපරාධී බියගැන්වීමකට හා අපහාසයකට ලක්කර ඇති බවත් මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන පවිත්‍රා ජයන්තිකා රඹුක්වැල්ල කුරුඳුවත්ත පොලිසියට කර ඇති පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය අධිකරණයට දන්වා තිබේ.
කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත මෙම විමර්ශන ආරම්භ කර ඇති බවත්, එම නිල නිවස පිහිටි කොළඹ 7 ප්‍රදේශයේ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂාවට ලක්කර අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවත්, සැරයන් රාජපක්ෂ සිය බී වාර්තාව මගින් වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ පවසා ඇත.
සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ඇතුළු පිරිසක් පසුගිය ජනවාරි 01වැනිදා උදැසන මල්වඩමක් සමඟ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවස ඉදිරිපිට තැබීමට පියවර ගත්හ.
පසුගියදා වාර්තා වූ ඖෂධ වංචාවේ මහා මොළකරුවන ඔහුට මෙම මල්වඩම ලබාදීමට පැමිණියේ යැයි පවසමින් අදාළ පිරිස එම නිවසට ගොස් තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart