September 8, 2024

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ජාතික පොලිස් කොමිසමට විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ජයන්ත ජයසිංහ ඒකමතිකව තෝරා පත්කර ගෙන තිබේ.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ජයන්ත ජයසිංහගේ පත්වීම ස්ථිර කර ඇත.

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ජයන්ත ජයසිංහ මේ වන විට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහයට අයත් සිනමන් ග්‍රෑන්ඩ් හි ආරක්ෂක උපදේශකවරයකු ලෙස කටයුතු කරයි.