December 9, 2023

හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ජගත් ජයසූරිය යන විශ්‍රාමික ශ්‍රී ලංකා හමුදා නායකයන් විසින් සිදුකරන ලදැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධානය වන ITJP (අන්තර්ජාතික සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය) එක්සත් රාජධානියේ රජයට සම්බාධක යෝජනා කර ඇත.

පසුගිය නොවැම්බරයේ පැවති ලිංගික ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ මුලපිරීමේ සමුළුවේදී එක්සත් රාජධානිය ප්‍රකාශ කළේ, ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ යැයි කියන පුද්ගලයන්ට සම්බාධක පැනවීමට ප්‍රමුඛත්වය ලබාදෙන බවයි.

“වසර ගණනාවක් පුරා මිනිසුන් සිය ගනනක් වධ හිංසාවට ලක්කර දූෂණය කර ඇති ජෝසප් කඳවුර නම් කුප්‍රකට රැඳවුම් භූමියේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් විශ්‍රාමික ශ්‍රී ලංකා හමුදා ජෙනරාල් ජගත් ජයසූරිය එක්සත් රාජධානියේ මැග්නිට්ස්කි සම්බාධක තන්ත්‍රය යටතේ නම් කළ යුතු බවට අපි බලගතු සාක්ෂියක් ඉදිරිපත් කර ඇත්තෙමු” යැයි ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු යුද අපරාධ චෝදනා විමර්ශනය කළ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයක අසුන්ගත් ITJP හි විධායක අධ්‍යක්ෂ යස්මින් සූකා පවසා තිබේ.

“වධහිංසාවලට සහ ස්ත්‍රී දූෂණවලට ගොදුරු වූ දෙමළ ජාතිකයන් බොහෝදෙනකුට දැන් එක්සත් රාජධානියේ සරණාගතභාවය ඇත. ලිංගික ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට සහ වගකිවයුත්තන්ට වගවීම සඳහා පසුගිය වසරේ PSVI මුලපිරීමේදී එක්සත් රාජධානියේ ප්‍රකාශය සැලකිල්ලට ගෙන, වධහිංසා සහ ලිංගික ප්‍රචණ්ඩත්වයේ අපරාධකරුවන්ට එරෙහිව ක්‍රියාකිරීමට අපොහොසත්වීම දැඩි ලෙස බලාපොරොත්තු සුන්කරවන්නකි.” යැයි සූකා සඳහන් කරයි.

2017 දී ITJP සහ ලතින් ඇමරිකාවේ විවිධ පාර්ශව විසින් ජෝසප් කඳවුරේ ජෙනරාල් ජගත් ජයසූරියගේ භූමිකාව සහ 2009 සිවිල් යුද්ධයේ අවසාන ලේ වැකි අවධියේ ඔහුගේ අණදීම් සම්බන්ධයෙන්, ජගත් ජයසූරියට එරෙහිව විශ්ව අධිකරණ නඩු ගණනාවක් ගොනුකර ඇති බවද සූකා පෙන්වාදී ඇත.

මිට අමතරව යස්මින් සූකා විසින් හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන්ද චෝදනා කිහිපයක්ම එක්සත් රාජධානියේ රජයට ඉදිරිපත් කරමින්, ඔහුට එරෙහිවද සම්බාධක පනවන ලෙස ඉල්ලා තිබේ.

42.31%
17.27%
32.76%