August 6, 2024

2023 වසරේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලන්ඩන්, සිංගප්පූරුව, ජපානය (ටෝකියෝ), කියුබාව (හවානා), අමෙරිකාව (නිව්යෝර්ක්), ජර්මනිය (බර්ලින්) සහ චීනය (බීජිං) යන රටවලට ගිය සංචාරවලදී වැයවූ ආහාර සහ නවාතැන් වියදම් සම්බන්ධ සියලු තතු තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසමේ නියෝගයක් මත විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ උතුරු පළාතේ මාධ්‍යවේදියකු වන කේ. දිලීප් අමුතන් විසින් ගොනු කරන ලද තොරතුරු දැනගැනීමේ ඉල්ලීමකට අනුව එම තොරතුරු අමාත්‍යාංශයේ විෂය පථයට අයත් නොවන බව පවසමින් අදාළ තොරතුරු නිකුත් කිරීම අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු කොමිසමට කළ අභියාචනයක් අනුවය.

මීට පෙරද අමුදන් විසින් තොරතුරු දැනගැනීමට ඇති අයිතිය යටතේ මෙවැනිම ඉල්ලීමක් ජනාධිපති ලේකම් කාර්යාලයට ගොනු කර තිබූ නමුත් ලේකම් කාර්යාලය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණේ විදේශ ගමන් සඳහා ආහාර සහ නවාතැන් වියදම් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා නොදෙන බව
පවසමිනි.

ගුවන් ටිකට්පත් සඳහා දැරූ වියදම් පමණක් ලබාදිය හැකි බව පවසා ඔවුන් එම තොරතුරු පමණක් නිකුත් කර තිබිණි.

ජනාධිපතිවරයාගේ විදේශ ගමන්වලදී ආහාර සහ නවාතැන් වියදම් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් දරනු ලබන බව ලේකම් කාර්යාලය ප්‍රකාශ කළ අතර එය අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කළේය.

මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සම්බන්ධයෙන්ද එවැනිම තොරතුරු ප්‍රසිද්ධියට පත්වී ඇති බැවින් අදාළ තොරතුරු ලබාදෙන ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව විසින් අමාත්‍යංශයට සහ ලේකම් කාර්යාලයට කළ දැනුම්දීම අමතා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ජනාධිපති වික්‍රමසිංහ සහ තෝරාගත් කිහිප දෙනෙකුගේ විදෙස් සංචාර පිළිබඳ තොරතුරු නිකුත් කර තිබේ.

කලම්බු ටෙලිග්‍රාෆ් විසින් ජනාධිපතිවරයා සහ ඔහුගේ දූත පිරිස සඳහා ආහාර සහ නවාතැන් සඳහා දරන ලද වියදම් පිළිවෙළින් මෙලෙස දක්වා තිබේ.

ලන්ඩන් සංචාර (මැයි 2023) රුපියල් 2, 547,988.70/රුපියල් 11,194.527,83, (ජූනි 2023) රුපියල් 3,416,911.74/රුපියල් 16,936,530.34

සිංගප්පූරු සංචාර (මැයි 2023) රුපියල් 75,729.62/රුපියල් 6,899,002.14, (අගෝස්තු 2023) රුපියල් 258,.469.10/රුපියල් 1,543,434.29

ජපානය සංචාරය (2023 මැයි) රුපියල් 593,471.70/4,490.,63.11

කියුබා සංචාරය (සැප්තැම්බර් 2023) රුපියල් 386,471.13/රුපියල් 3,309,786.45

එක්සත් ජනපද සංචාරය (සැප්තැම්බර් 2023) රුපියල් 3,119,913.81/රුපියල් 57,028,581.44

ජර්මන් සංචාරය(සැප්තැම්බර් 2023) රුපියල් 2,051,113.84/රුපියල් 7,829,821.77

චීනය සංචාරය(2023 ඔක්තෝබර්) රුපියල් 38,153.40(ආහාර මිල පමණක්)

අනන්‍යතාව හෙළි නොකළ අමාත්‍යාංශ නිලධාරීන් කලම්බු ටෙලිග්‍රාෆ් වෙත ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයාගේ ගමන් සඳහා අවම වියදම් මෙය වන අතර අනෙකුත් වියදම් රාජ්‍ය අයවැයේ විවිධ අයිතම යටතේ දරන ලද අබවයි.

සමහර අවස්ථාවල චීනයේ දී මෙන් සත්කාරක රට ආහාර සහ නවාතැන් වියදම් භාර ගෙන ඇති බවද ඔවුන් ප්‍රකාශ කර ඇත.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඇමැතිවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර තම තමන්ගේ විදේශ ගමන් වියදම් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත් කරන්නේ නම් තමන්ද සිය සංචාර සඳහා වූ වියදම් හෙළිකරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පසුගියදා ජපානයේදී ප්‍රකාශ කළ බවට වාර්තා පළ වී තිබිණි.

ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු පිපවසා ඇත්තේ ඔහුගේ විදෙස් සංචාර සඳහා රාජ්‍ය මුදල් වියදම් කර නැති බවයි.

කෙසේවෙතත් අනුර කුමාර දිසානායක ඔහුගේ විදේශ ගමන් සඳහා වියදම් කළ අරමුදල් සහ අරමුදල් මූලාශ්‍ර තවමත් නිකුත් කර නොමැත.

Ranil’s Travel Expenses Released By Directive Of RTI Commission; Will Anura Do The Same?

42.31%
17.27%
32.76%