Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති කිහිපයක සේවය කළ සේවකයන්ගේ සේවක අර්ථසාධක ගිණුමට රුපියල් මිලියන 9.8 ක මුදලක් ගෙවීම පැහැරහැරිය බව කියන සමාගම් හිමියකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදේශ ගමන් තහනමක් පනවා තිබේ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා එස්. පතිරණ විසින් සිලෝන් ප්‍රයිවට් ලිමිටඩ්හි හිමිකරු වන එන්. ටී. පෙරේරා නමැත්තකු මෙලෙස විදේශ ගමන් තහනමට යටත් කර ඇත.
සැකකරුට දෙසැම්බර් 19 වැනිදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස සිතාසි නිකුත් කරන ලෙසද අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.
නැගෙනහිර කොළඹ අතිරේක කම්කරු කොමසාරිස් පරාක්‍රම විජේවර්ධන විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පියවර ගෙන ඇත.
සැකකරුට අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස ඉදිරිපත් කළ සිතාසි භාරගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව නැගෙනහිර කොළඹ දිස්ත්‍රික් (නැගෙනහිර) කම්කරු කාර්යාලය අධිකරණයට දැන්වීය.
ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2017 දී ආරම්භ කර ඇති අතර ආර්ථික අර්බුදය හේතුවෙන් 2022 සැප්තැම්බර් මාසයේදී එය නතරකර ඇත.
ප්‍රධාන උපදේශන සමාගම වන Japan Airport Consultants INC මගින් 2023 වසරේ සිට මෙම සමාගම ඉවත්කර ඇත.
සමාගම විසින් සේවක අර්ථසාධකය කපාහැර, සමාගම විසින් තැන්පත් කර ඇති මුදල මෙන්ම අධිභාරය ද ගෙවා නොතිබූ අතර, එලෙස පැහැරහැර ඇති මුළු මුදල රුපියල් මිලියන 9.8 කි.
සැකකරු සේවක අර්ථසාධක අරමුදල් පනත උල්ලංඝණය කර ඇති බවට චෝදනා කරමින්, පැහැරහරින ලද මුදල් අයකර ගැනීම සඳහා පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
සැකකරුට විදෙස් ගමන් තහනමක් පනවා ඇති බව ආගමන විගමන පාලකවරයාට දැනුම් දුන් අධිකරණය අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද නියෝග කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart