Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදේශගත ශ්‍රමිකයන් පසුගිය ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 566.8 ක් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මෙරටට එවා තිබේ.
පසුගිය වසරේ ජූලි මාසය සමග සන්සන්දනය කරන විට මේ වසරේ ජූලි මාසයේදී මෙරටට එවා ඇති ප්‍රේශණ ප්‍රමාණය සියයට 10.3කින් ඉහළ ගොස් තිබේ.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා වශයෙන් මනුෂ නානායක්කාර අමාත්‍යවරයා වැඩ භාරගත් දිනයේ සිට අමාත්‍යාංශයෙන් ඉවත්ව යන තෙක් කාලය තුළදී විදේශ ගත ශ්‍රමිකයන් එවා ඇති මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 12.5කි.
තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, කිරි පිටි පෝලිම් නැති කර රටට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සදහා මාසයකට ඩොලර් මිලියන 500ක් නීත්‍යානුකූල ක්‍රමය ඔස්සේ රටට ලබාදෙන ලෙසට ඉල්ලීම් කළ අතර එයට විදේශගත ශ්‍රමිකයින්ගෙන් යහපත් ප්‍රතිචාර හිමිව ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.
පසුගිය වසරේ මාර්තු මාසයේ සිට විදේශගත ශ්‍රමිකයන් එවනු ලබන ප්‍රේශණ ප්‍රමාණය ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවූ අතර පසුගිය මාස හයක කාලය පුරා අඛණ්ඩව ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවා ගොස් තිබේ.
නීත්‍යානුකූල ක්‍රමය ඔස්සේ රටට මුදල් එවන ශ්‍රමිකයන් සදහා විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ලබාදීම, අඩු පොළියට බහුකාර්ය ණය ලබාදීම, නිවාස ණය යෝජාන ක්‍රම ඇතුළු විවිධ දිරිගැන්වීම් ලබාදීමටද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය කටයුතු කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart