
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවට විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ගලාඒම ඇමරිකානු ඩොලර් මිලියන 693.3 ක් ලෙස වාර්තා වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, මෙම අගය වාර්තාගත දෙවැනි ඉහළම මාසික ගලාඒම වේ.
2025 ජනවාරි සිට මාර්තු දක්වා කාලය සඳහා සමුච්චිත විදේශ ප්‍රේෂණ අගය ඇමරිකානු ඩොලර් මිලියන 1.814.4 ක් වන අතර එය 2024 මුල් මාස තුන තුළ ලැබුණු මුදලට සාපේක්ෂව 18.1% ක වැඩිවීමකි.
2020 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 812.7 ක් ලැබුණු අතර එය වාර්තාගත ඉහළම ගලාඒම ලෙස පවතී.
2020 දෙසැම්බර් මාසයේ කොවිඩ්-19 වසංගතයේ උච්චතම අවස්ථාවේදී, ඉතාලිය සහ දකුණු කොරියාව වැනි රටවල පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් රැකියා අහිමිවීමෙන් පසු ශ්‍රී ලංකාවට ආපසු පැමිණියහ.
එම වස්තවේ ඔවුන්ට ලැබුණු වන්දි එකවර ප්‍රේෂණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, එම මාසය තුළ ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය වාර්තාගත ඉහළ අගයක් දක්වා ඉහළ ගිය බව මහබැංකුව සඳහන් කළේය.
පසුව, 2021 ජනවාරි මාසයේදී, සංක්‍රමණික සේවකයන්ගෙන් ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 675.3 ක් ලෙස වාර්තා විය.
මේ අතර, 2024 දී ශ්‍රී ලංකාවට මුළු ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 6,575.4 කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart