July 24, 2024

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් අවසන් කිරීමත් සමඟ සාම සාධක රාජකාරි සඳහා මාලි රාජ්‍යයට යොදවා සිටි ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් යළි මෙරටට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් සහ සෙසුනිලයන් 1099ක් සහ මාණ්ඩලික නිලධාරීන් 14ක් මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරී සඳහා යොදවා තිබිණි.

එක්සත් ජාතීන්⁣ගේ සාම සාධක මෙහෙයුම් යටතේ ක්‍රියාත්මක වූ මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීතාව ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම සඳහා යුද හමුදා භට පිරිස් යොදවා සිටි අතර ඔවුන් ශ්‍රී ලංකාවට උපයාදුන් විදෙස් විනිමය ප්‍රමාණය රුපියල් මිලියන 14524කට අධිකය.

මෙම සාමසාධක මෙහෙයුම් සිදුකරන අතරතුරදී මෙරට රණවිරුවන් තිදෙනෙකු පුපුරණද්‍රව්‍යය ඇටවුම්වලට හසුව මියගොස් තිබිණි.

යුද හමුදා නිලධාරීන් පස්දෙනෙකු සහ සෙසු නිලයන් 29 දෙනෙකු ද ⁣මාලි රාජ්‍යයේ දී තුවාල ලබා තිබිණි.

ඒ අනුව මාලි රාජ්‍යයේ මෙහෙයුම් අවසන් කිරීම සනිටුහන් කරමින් සාම සාධක බලඇණියේ අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කල කර්නල් පින්සර වික්‍රමාඅරච්චි විසින් ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් දිනේශ් නානායක්කාර වෙත එක්සත් ජාතීන්ගේ ධජය භාරදීම කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී සිදුකෙරිණි.

42.31%
17.27%
32.76%