Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට වඳුරන්ගේ ගහනය වැඩි වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ විශාල වශයෙන් ආහාර අපතේ හැරීම බව පරිසරවේදී මෙන්ඩිස් වික්‍රමසිංහ පවසයි.
“විශාල වශයෙන් ආහාර අපතේ යෑම හේතුවෙන් වඳුරු උවදුර නිර්මාණය වී තිබෙනවා. ආහාර අපද්‍රව්‍ය නිතර ඉවතලන ජනප්‍රිය පාසල්, ආගමික ස්ථාන, ප්‍රමුඛ සංචාරක ආකර්ෂණ ස්ථාන සහ ආහාර අලෙවිසැල් ආශ්‍රිතව වඳුරු ගහනය වර්ධනය වී ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා,” යනුවෙන් ඔහු පෙන්වා දෙයි.
“වඳුරන් බුද්ධිමත් ජීවීන් කොටසක්. ඉක්මනින් අනුවර්තනය වෙනවා. වනාන්තරවල ස්වාභාවික ආහාර සමතුලිතතාව වඳුරන්ගේ ගහනය නියාමනය කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා. වනාන්තරවල ඇති ආහාර වඳුරන්ගේ අභිජනන චක්‍රය වසරකට එක්වරකට සීමා කරන්න උපකාරී වනවා. නාගරික ප්‍රදේශවල ආහාර බහුල වීම නිසා ඔවුන්ගේ අභිජනන වාර ගණන වැඩි වී තිබෙනවා,” යනුවෙන් වික්‍රමසිංහ පැහැදිලි කරයි.
“රටට ආර්ථික වශයෙන් හිතකර විවිධ ගස් වැවීම සඳහා විශාල වනාන්තර ප්‍රදේශ එළි පෙහෙළි කර තිබෙනවා. අවාසනාවකට මෙම ශාක වඳුරන්ගේ ආහාර වේලට දායක වෙන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස වඳුරන් ඔවුන්ගේ පැවැත්ම සඳහා පහසුවෙන් ලබා ගත හැකි ආහාර සහ ජලය සොයා මිනිසුන් වාසය කරන ප්‍රදේශවලට යෑමට පටන් ගන්නවා,” යැයි ද වික්‍රමසිංහ පැවසීය.
වසර 150කට පෙර රටේ සංවර්ධනයට සමගාමීව වඳුරු ප්‍රශ්නය ආරම්භ වූ බවත් මේ වන විට තත්ත්වය තීරණාත්මක තැනකට පැමිණ ඇති බවත් ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart