Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආහාර මිල පාලනය කිරීමේ නව උත්සාහයක් ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය බලපත්‍රලාභීන්ට පමණක් සීමා නොකර එම ආනයන කටයුතු විවෘතව සිදුකළ හැකි ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය සුදානම් වේ.
දැනට පවතින ක්‍රමය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යෑමට හේතුවන බවට හෙළිදරව් වී තිබේ.
ආනයනය සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී සිදුවන දූෂණ ඊට හේතුව බවත් එම දුෂණ තුරන් කිරීම මෙම පියවරේ අරමුණ බවත් පැවසේ.
ආනයනය සඳහා බලපත්‍ර නිකුත් කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන්නේ පරිප්පු, සීනි, අර්තාපල්, ළූණු සහ පිටියි.
ආනයනය විවෘත කිරීමත් සමග ඒ සඳහා ප්රමිතීන් සකස් කරනු ඇත.
බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට යෝජනා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව භාණ්ඩාගාර නිලධාරීන් සහ කෘෂිකර්ම, වෙළෙඳ ඇතුළු අමාත්‍යංශ කිහිපයකින් සමන්විත කමිටුවක් ක්‍රියාත්මක කිරීමට ද නියමිතය.
එළඹෙන අලුත් අවුරුදු සමය සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය ආරම්භ කිරීමට පෙර නව තීරුබදු ව්‍යුහයක් සකස් කිරීමට ද සැලසුම් කර තිබේ.
ආනයනය සඳහා වන නිර්ණායක සහ අවශ්‍යතා ද නව ක්‍රමය යටතේ හඳුන්වාදෙනු ඇත.
ආනයන බලපත්‍ර නිකුත් කිරීමේදී රාජ්‍ය නිලධාරීන් දූෂිත ක්‍රියාවල නිරතවන බවත්, එමඟින් වෙළඳපොළේ මිල හැසිරවීමට සහ තොග නියාමනය කළ හැකි ඇතැම් ආනයනකරුවන්ට ඒකාධිකාරයක් හිමිවන බවත් පෙනීගොස් ඇති බව රජයේ උසස් නිලධාරියෙක් පැවසීය.
දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා නව ක්‍රමය මඟින් ආනයන බදු පැනවීම අපේක්ෂා කරන බව ද එම නිලධාරියා පැවසීය.
ආහාර ද්‍රව්‍යවල මිල කෘත්‍රිම ලෙස වැඩි කරන උත්සව සමයේදී මෙම ක්‍රමය විශේෂයෙන් ප්‍රයෝජනවත් වනු ඇතැයි ඔහු පැවසීය.
බලපත්‍ර ක්‍රමය ඉවත් කළහොත් අඩු මිලට ටින්මාළු ලබාදිය හැකි බව පසුගියදා අමාත්‍යංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී වෙළෙඳුන් පෙන්වා දී තිබිණි.
මේ අතර දේශීය කජු වගාවේ අවාරය වන දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාලය වෙනුවෙන් කජු ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.
වසර පහකට වාර්ෂිකව කජු මෙට්‍රික් ටොන් 15,000ක් ආනයනය කිරීමට එමගින් අනුමැතිය ඉල්ලා තිබේ.
කජු මිල කළමනාකරණය කිරීම එහි අරමුණ බව කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart