January 27, 2025

ආණ්ඩුව පළිගැනීම් සිදුකළත් අධිකරණය ස්වාධින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරයි.

‘දිවෙයිනට’ අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, යෝෂිතගේ සුවදුක් බැලීමට නාමල් ගිය බවත්, අධිකරණය පිළිබඳව තමා තියෙන දැඩි විශ්වාසය අනුව සත්‍ය අනාවරණය විය හැකි බවත්ය.

ඉඩමක සිද්ධියක් සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙසේද පවසාඅ ඇත.

“දේශපාලන වශයෙන් පළිගැනීම් සිදුකරනවා. එහෙත් මේ හැමට නීතියක් තිබෙනවා. අධිකරණය ඉතා ස්වාධීනයි. යෝෂිතගේ කෑම පහසුකම් අපි නිවසින් සපයනවා. මා වෙනුවෙන් යෝෂිත බැලීමට නාමල් ගියා.”

42.31%
17.27%
32.76%