Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඕනෑම අභියෝගයක් භාර ගැනීමට තමන් සූදානම් බව X හි සටහනක් තබමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කර තිබේ.
ෆොන්සේකා මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ දැනට ඔහු සභාපතිවරයා ලෙස කටයුතු කරන සමගි ජන බලවේගය විසින් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වෙමින් සිටින පසුබිමකය.
“ශ්‍රී ලංකාව නිවැරදි දේශපාලන දිශානතියක ඉදිරියට යා යුතු කාලය පැමිණ තිබෙනවා ….. අපේ මාතෘ භූමිය වෙනුවෙන් ඕනෑම අභියෝගයක් භාර ගැනීමට මම සූදානම්” යැයි ෆොන්සේකා X හි සඳහන් කර තිබේ.
තවත් මාස කිහිපයකින් පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී දූෂණයට එරෙහි ක්‍රියාමාර්ග ගැනීමට දේශපාලනමය වශයෙන් අධිෂ්ඨානයක් ඇති නායකයකු තෝරා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බව ද ෆොන්සේකා සඳහන් කරයි.
“මේ වෙනකම් කිසිම නායකයෙක් එහෙම කරලා නැහැ. එළැඹෙන ජනාධිපතිවරණයේදී එවැනි නායකයකු තෝරා ගැනීමට ජනතාවට අවස්ථාවක් ලැබෙන බව මට විශ්වාසයි,” යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සූදානම් බව වාර්තා වේ.
ඔහු විසින් ඒ පිළිබඳ විධිමත් ප්‍රකාශයක් කරනු ඇති බව ෆොන්සේකාට සමීප ආරංචි මාර්ග සඳහන් කර ඇත.
ඔහු කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ එකතු නොවී ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරඟ කිරීමට නියමිත බව සඳහන්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart