Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චුන්ග් සහ ජනාධිපති අපේක්ෂක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර සුහද හමුවක් සිදුව තිබේ.
එම හමුවේ දී ශ්‍රී ලංකාවේ දේශපාලන වාතාවරණය පිළිබඳ සාකච්ඡා කර ඇත.
ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික පරිසරය පිළිබඳ සාකච්ඡා කළ බව තානාපතිවරියද පවසා ඇත.
ශ්‍රී ලංකාව තුළ දූෂණය මර්දනය කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳ ඔවුන් අදහස් බෙදාගත් බව ෆොන්සේකා ද ප්‍රකාශ කර තිබේ.
ඔහු ඒ බව X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් මෙලෙස ප්‍රකාශ කර තිබිණි.
“තානාපති ජුලී චුන්ග්, අද ඔබට මගේ නිවසේ සත්කාරකත්වය ලබාදීම සතුටක්. ශ්‍රී ලංකාව තුළ දූෂණය මර්දනය කළ හැකි ආකාරය පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය සහ අදහස් බෙදා ගැනීම ගැන ඔබට බොහෝම ස්තූතියි. අපේ රට වන ශ්‍රී ලංකාවට ප්‍රගතියක් ලබා ගත හැක්කේ #CrushCorruption මගින් පමණක් වන අතර, මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා එක්සත් ජනපදය හා අදාළ සියලුම පාර්ශ්වකරුවන් සමඟ කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.”
සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බව ෆොන්සේකා මීට පෙර ප්‍රකාශ කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart