December 23, 2024

2022 දී රට තුළ ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් උස් ගොඩනැගිලි පහක ඉදිකිරීම් කටයුතු ඇනහිට ඇත.

ඒවායෙහි ඉදිකිරීම් ව්‍යාපෘති මෙහෙයවනු ලබන සමාගම් බංකොලොත් වී හෝ කටයුතු අවසන් කළ ව්‍යාපෘති ලෙස ප්‍රකාශයට පත්කර ඇති බැවින් ඒවා නැවත ආරම්භ කරන්නේ කෙසේද යන්න තීරණය කිරීමට නාගරික සංවර්ධන අමාත්‍යාංශයට දැන් ගැටළුවක් මතුව ඇතැයි ආරංචි මාර්ග පවසයි.

උස් නිවාස සංකීර්ණ ලෙස ඉදිකෙරෙන මෙම ගොඩනැගිලි ව්‍යාපෘති තුනක් සිදුකෙරෙන්නේ කොළඹ – ටොරින්ටන් මාවත, කොළඹගේ මාවත සහ බොරැල්ල යන ප්‍රදේශවලයි.

අනෙක් ව්‍යාපෘති දෙක කළුතර දිස්ත්‍රික්කයේ වාද්දුව සහ ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම ප්‍රදේශයේ සිදුකෙරේ.

රාගම ප්‍රදේශයේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ සමාගම බංකොලොත් වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

“අනෙක් සමාගම් සමඟ ගිවිසුම් අන්‍යෝන්‍ය වශයෙන් අවසන් කිරීමක් සිදුව ඇත” එම ආරංචි මාර්ග පවසයි.

වෙනත් ඕනෑම නාගරික සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෙර, ප්‍රමුඛතාවක් ලෙස මෙම ව්‍යාපෘති නැවත පණගැන්වීමට නාගරික සංවර්ධන අමාත්‍යාංශය මේ වනවිට උත්සාහ කරමින් සිටියි.

42.31%
17.27%
32.76%