November 25, 2024

මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ නිවාස සංකීර්ණයේ පිහිටි රජයේ නිල නිවාස ආපසු භාර නොදී, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනකු ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.

මේ හේතුව නිසා මන්ත්‍රී නිවාස සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ලිමේන්තු නිලධාරීන් ගැටලුවලට මුහුණ පා සිටින බව ලංකාදීප පුවත්පත සඳහන් කරයි.

හිටපු මන්ත්‍රීවරුන් 80 දෙනෙකු පමණ සිය නිලනිවාස භාරදී ඇති අතර, හිටපු මන්ත්‍රීවරුන් 20 දෙනකු පමණක් තවමත් සිය නිවෙස් ආපසු ලබාදී නොමැති බව වාර්තා වේ.

තවමත් එම නිවාස ලබාදීමට කටයුතු කර නොමැති හිටපු මන්ත්‍රීවරුන්ට කඩිනමින් එම නිවාස ලබාදෙන්නැයි පාර්ලිමේන්තු නිලධාරීන් යළි සිහි කැඳවීමක් සිදුකර තිබේ.

පසුගිය සෙනසුරාදා වාර්තාවූයේ, මාදිවෙල නිවාස සංකීර්ණයේ හිටපු මන්ත්‍රීවරුන් හත්දෙනකු සිය නිල නිවාසවලින් ඉවත්ව ගොස් ඇති බවයි.

හිටපු මන්ත්‍රීවරුන් වහාම එම ස්ථානයෙන් ඉවත් නොවන්නේ නම් ඔවුන්ගේ ජල හා විදුලිය විසන්ධි කරන බවට පාර්ලිමේන්තු නිලධාරීන් විසින් හිටපු මන්ත්‍රීවරුන්ට දන්වා තිබූ අතර ඔවුන්ට ලිඛිත දැනුම්දිම්ද නිකුත් කර තිබේ.

මාදිවෙල නිවාස සංකීර්ණයේ නිලනිවාස නව මන්ත්‍රීවරුන් වෙත ලබාදීම 2024 දෙසැම්බර් 03 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

නවක මන්ත්‍රීවරුන් 40 දෙනකු පමණ නිවාස ඉල්ලා ඇති බව වාර්තා වේ.

42.31%
17.27%
32.76%