Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනවාරි මස අගදී අරාබි මුහුදේදී මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගන්නා ලද ‘ලොරෙන්සෝ පුතා 4’ නම් බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෝ, ජනවාරි 29 වැනි දින සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් බේරා ගන්නා ලද අතර, ඔවුන්ට නැවත හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණීමට පහසුකම් සපයන ලෙස රජයෙන් ඉල්ලා සිටිති.
සිකුරාදා හලාවත ප්‍රදේශයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී වීඩියෝ මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් සමඟ කතා කළ බෝට්ටුවේ නායකයා කියාසිටියේ ඔවුන්ට නිතිපතා ජලය පවා ලබානොදෙන බවයි.
ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ බෝට්ටුවේ හිමිකරු කියාසිටියේ ධීවරයින් ආපසු පැමිණීමට පහසුකම් සැලසීම සඳහා සීෂෙල්ස් වෙත අවශ්‍ය ලිපි ලේඛන ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය විසින් එවා නොමැති බවයි.
ලොරෙන්සෝ පුතා 04, බහුදින යාත්‍රාවේ ධීවරයන්ට ප්‍රමාණවත් ආහාර සහ පානීය ජලය නොමැතිව දෙසතියකට අධික කාලයක් බෝට්ටු අඩස්සියේ පසුවන බව යාත්‍රාවේ හිමිකරු වන ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්.එම්. පෙරේරා වැඩිදුරටත් පැවැසීය.
මේ අතර ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත ජනමාධ්‍ය වෙත කියා සිටියේ ධීවරයින් මෙරටට ගෙන්වන්නේ කවදාදැයි නිශ්චිත දිනයක් ප්‍රකාශ කළ නොහැකි බවයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය සහ සීෂෙල්ස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ධීවරයන් නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ඔහු පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart