42.31%
17.27%
32.76%
October 12, 2023

නයිනමඩමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ මසුන් ඇල්ලීමේ නිරතව සිටි ධීවරයන් පිරිසකට ගැඹුරු මුහුදේ දී දුර්ලභ මත්ස්‍ය විශේෂයක් හමු වී ඇත.

නයිනමඩම, වැල්ලමංකරය ධීවර වරායට අයත් බහුදින යාත්‍රාවකට මෙම මසුන් හසු වී ඇති අතර, ඔවුන් මෙවැනි දුර්ලභ මත්ස්‍යයකු දුටු පළමු අවස්ථාව මෙය බවත්, මත්ස්‍යයා වරාය පරිශ්‍රයේ තබා ඇති බවත් වරාය කළමනාකාරවරයා පවසා තිබේ.

මෙම එක් තනි මත්සයෙකු සෙන්ටිමීටර 140 දක්වා දිගින් වර්ධනය විය හැකි අතර, මෙම මත්ස්‍ය විශේෂය ආහාරයට ගත නොහැකි බව වාර්තා වේ.

ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයට (NARA) අනුව, මෙම මත්ස්‍ය විශේෂය “Rabbitfish” (Rhinochimaera atlantica – Broadnose Chimaera) ලෙස හඳුන්වයි.

දකුණු අප්‍රිකාව, සුරිනාම්, එක්සත් ජනපදය, කැනඩාව, කොලොම්බියාව, ප්‍රංශය, ගැම්බියාව, අයිස්ලන්තය, මොරිටේනියාව, මෙක්සිකෝව, නැමීබියාව, සෙනගල් යන රටවල ස්වාභාවික මුහුදු ප්‍රදේශයන්හි බහුලවම මෙම මත්ස්‍ය විශේෂය දක්නට ලැබෙන බව සදහන් වේ.
.
මෙම මත්ස්‍යයා “Longnose chimaeras” පවුලේ අවම සැළකිල්ලකට ලක්වන විශේෂය වන අතර සෞම්‍ය සාගරවල මීටර 1,500 කට වඩා ගැඹුරින් ජීවත් වන බව පැවැසේ.

42.31%
17.27%
32.76%